ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්රඥප්තිය
මෙම ප්රඥප්තිය අප ආයතනයේ දැක්ම මෙහෙවර සපයනු ලබන සේවාවන් ඒ අදාළ ප්රමිතීන් සහ ඒවා සැපයීමේ විධි විධානයන්ද එම සේවා විශිෂ්ඨ අන්දමින් සැපයීම සඳහා අප ආයතනයේ කැපවීම සහ අප විසින් අනුගමනය කරනු ලබන ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ ප්රකාශනයකි.
අපගේ දැක්ම
මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම සේවා සපයන්නන් අතර ප්රමුඛ රාජ්‍ය ආයතනය බවට පත්වීම.
අපගේ මෙහෙවර
මනා සැලැස්මකින් යුතුව කොට්ඨාසය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව සම්පත් සහ ආයතන ඵලදායි සම්බන්දීකරණය තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව,ක්‍රමවත්ව හා මිත්‍රශීලිව ඉටු කිරිම.
අපේ කැපවීම
- මහජනතාව/සේවාලාභීන් වෙනුවෙන් අප විසින් ඉටු කරනු ලැබිය යුතු සේවාවන්,
- අවංකව ද
- නිත්‍යානුකූලව ද
- ආචාරශීලීව ද
- අවබෝධයෙන් ද
- අපක්ෂපාතීව ද
- විනිවිදභාවයෙන් යුක්තව ද
- වගකීමෙන් ද
- වගවීමෙන් ද
- අප්‍රමාදව ද
- කාර්යක්ෂමව ද
- ඵලදායීව ද
ඉටු කිරීමට කැප වී සිටින බව මෙම ප්රඥප්තියෙන් ප්‍රකාශ කරමු.
ආයතන අංශය
| අංකය | සේවාව | උපරිම කාලය | අවශ්‍ය ලියකියවිලි | අදාළ නීතිමය ප්‍රතිපාදන |
| 01 |
ග්‍රාම නිලධාරි පැමිණිලි පිටපත් නිකුත් කිරීම |
විනාඩි 15 |
1.ඉල්ලුම් ලිපිය 2. රු.25 ක් වටිනා අවලංගු නොකළ මුද්දරයක් 3. ග්‍රාම නිලධාරී දින පොතේ උධෘතයක් |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 02 |
පදිංචි සහතිකය අනු අත්සන් කිරීම |
විනාඩි 01 |
1.ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත් නියමිත සහතිකය |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 03 |
ආදායම් සහතික නිකුත් කිරීම. |
විනාඩි 15 |
1.ඉල්ලීම් ලිපිය 2.වසමේ ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කරන ලද හා මාණ්ඩලික නිලධාරී අනුමැතිය සහිත වාර්තාව 3. අදාළ මුදල ගෙවන ලද කුවිතාන්සිය |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 04 | විදුලි ඉල්ලුම්පත් නිර්දේශ කිරීම |
විනාඩි 03 |
1.විදුලිබල මණ්ඩලය වෙතින් ලබාගත් සම්පූර්ණ කරන ලද අයඳුම් පත්‍රය. 2.වසමේ ග්‍රාම නිලධාගේ නිර්දේශය.
4.වෙනත් ඉඩමක් මතින් සම්බන්ධතාවය ලබා ගන්නේ නම් ඉඩම් හිමියාගේ එකඟතාවය සහිත ලිපිය. |
විදුලි පාරිභෝගික පනත |
ගිණුම් අංශය
| අනු අංකය | සේවාව | උපරිම කාලය | සපුරාලිය යුතු සුදුසුකම් | අදාල නීතිමය ප්‍රථිපාදන |
| 01 |
වැන්දඹු විශ්‍රාම වැටුප් පළමු ගෙවීම |
සිවිල් විශ්‍රාම වැටුප නැවැතවීමෙන් පසු වැන්දඹුව/වැන්දඹු පුරුෂයාගේ ඉල්ලීම 20 වන දිනට පෙර ලැබුන පසු එළඹෙන මාසය තුල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත සෘජුවම යොමු කිරීම |
|
සිවිල් විශ්‍රාම වැටුප් සංග්‍රහය සහ පසුකාලීනව නිකුත් කරන ලද චක්‍රලේඛ |
| 02 | විශ්‍රාමික වැටුප් විස්තර ලබාදීම | විනාඩි 02 යි | විශ්‍රාමිකයා විසින් විශ්‍රාම වැටුප් අංකය හෝ හැදුනුම්පත් අංකය සඳහන්කර වැටුප් විස්තර ඉල්ලන ඉල්ලීම් ලිපිය | |
| 03 | විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 05 යි | විශ්‍රාමිකයා විසින් පීඩී.7 ඉදිරිපත් කර යැපෙන්නන් ඇතුළුව ලියාපදිංචි වී තිබේ නම් පොදු 274 දරණ ආකෘති පත්‍රය සම්පුර්ණ කිරීම. | දුම්රිය බලපත්‍ර චක්‍රලේඛ |
| 04 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 05 යි | 01. වාහනයේ ලියාපදිංචි සහතිකය
02.වාහනයේ වලංගු රක්ෂණ සහතිකය 03.පසුගිය වසරේ ආදායම් බලපත්‍රය 04.වායු විමෝචන සහතිකය 05.යෝග්‍යතා සහතිකය(බස්රථ/ලොරි) 06.මගී ප්‍රවාහන බලපත්‍රය(මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත්නම්) 07.වාහනයේ ලියාපදිංචි සහතිකය යම්කිසි බැංකුවක හෝ මුල්‍ය ආයතනයක් භාරයේ ඇත්නම් මාස තුනක් ඇතුලත සහතික කරණ ලද වාහනයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් 08.නියමිත බලපත්‍ර ගාස්තුව |
අදාල පනත් හා චක්‍රලේඛ |
ඉඩම් අංශය
| අංකය | සේවාව | උපරිම කාලය | අවශ්‍ය ලියකියවිලි | අදාළ නීතිමය ප්‍රතිපාදන |
| 01 | ඉඩම් බලපත්‍රයක් ලබා දීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | වසර 01 |
1 කොට්ඨාශයේ අවුරුදු 05ට වැඩි පදිංචිය 2 වෙනත් ඉඩම් නොමැතිවීම 3 විවාහක බව 4 ලැබී ඇති රජයේ ඉඩමක් බැහැර කර නොතිබීම 5 ගොවි පාන්තිකයෙකු වීම |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ |
| 02 | වාර්ෂික බලපත්‍රයක් ලබා දීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | වසර 01 |
1 කොට්ඨාශයේ ස්ථීර පදිංචි කරුවෙකු වීම 2 ඉඩම් සංවර්ධනය කර තිබීම |
රජයේ ඉඩම් ආඥා පනත |
| 03 | දීර්ඝ කාලීන බදු බලපත්‍රයක් ලබා දීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | වසර 01 |
1 ඉල්ලීම් ලිපිය ( පිටපත් 03) 2 දිවුරුම් ප්‍රකාශ 3 ඉඩම් පෙන්වන අනුරේඛනය 4 ග්‍රාම නිලධාරි වාර්තාව 5 පළාත් පාලන එකගතා ලිපිය |
ඉ.නි.2006 :3 |
| 04 | ඵලදා බදු දීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | වසර 01 | රජයේ ඉඩමක ඵලදාව භුක්ති වීදීම | ඉ.සං.ආ. පනතේ 20 “අ” හා “ආ” වගන්තිය යටතේ |
| 05 | පූජා ඔප්පු ලබා දීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | මාස 03 |
1 ඉල්ලීම් ලිපිය 2 ග්‍රාම නිළධාරි වාර්තාව 3 ඉඩම් අනු රේඛනය 4 භාරකාර මණ්ඩලයේ විස්තර වාර්තාව |
ඉ.නි.200: 2 |
| 06 | දීමනා නිකුත් තිරීම පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම දක්වා | මාස 03 |
1 ඉඩම් සංවර්ධන ආකෘතිය අ ආකෘතිය ලබා ගැනීම 2 මිනින්දොරු අධිකාරිගෙන් රේඛා චිත්‍ර ලබා ගැනීම |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ |
| 07 | ජීවිත භුක්තිය ලබා දීම දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් වෙත යැවීම දක්වා | මාස 01 |
1 ඉල්ලීම් ලිපිය 2 දීමනා පත්‍ර පිටපත 3 විවාහ සහතිකය 4 මරණ ලි. ප. කරන ලද සහතිකය 5 පත් ඉරුව 6 ග්‍රාම නිළධාරි වාර්තාව |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ |
| 08 | පසු උරුමය නම් කිරීම දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් වෙත යැවීම දක්වා | මාස 01 |
1 ඉල්ලීම් ලිපිය 2 දීමනා පත්‍ර පිටපත 3 පත් ඉරුව 4 ඥාති සම්බන්ධය තහවුරු කිරීමේ ලේඛනය 5 ග්‍රාම කිළධාරි වාර්තා |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ |
| 09 | මුල් උරුමය නම් කිරීම දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් වෙත යැවීම දක්වා | මාස 01 |
1 ඉල්ලීම් ලිපිය 2 දීමනා පත්‍ර පිටපත 3 පත් ඉරුව 4 ඥාති සම්බන්ධය තහවුරු කිරීමේ ලේඛනය 5 ග්‍රාම කිළධාරි වාර්තා |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ |
| 10 | දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම | සති 03 |
1 ඉල්ලීම් ලිපිය 2 ගස / ගස් කැපීමට අදාළ ඉඩම් ඔප්පුව හා පිඹුරුපත 3පත් ඉරුව 4 හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත 5 ගස් කැපීමට අපේක්ෂිත කාරණය සනාථ කරන ලියකියවිලි හා සහතිකය |
කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ අංක 04 / 1/1 හා 2006.03.29 දිනැති චක්‍ර ලේඛය |
| 11 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | මාස 03 |
1 ඉල්ලීම් ලිපිය 2 ගස / ගස් කැපීමට අදාළ ඉඩම් ඔප්පුව හා පිඹුරුපත 3පත් ඉරුව 4 හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත 5 හෙලීම් බලපත්‍රය ( අවශ්‍ය දැව සදහා ) 6 දැව ලයිස්තුව පිටපත් 03 07 දැව මිලදී ගත් බවට කුවිතාන්සි ලිපිය 08 දැව භාණ්ඩ මිලදී ගත්තේ නම් රිසිට් පත 09 ග්‍රාම නිළධාරි නිර්දේශය 10 අඩවි වන නිළධාරි නිර්දේශය 11 අදාළ බලපත්‍ර ගාස්තු ගෙවීම |
කෘෂි කර්ම ඉඩම් වන සම්පත් අමාත්‍යංශ චක්‍ර ලේඛ අංක 17/96 හා 1996 .12.06 |
සමාජ සංවර්ධන අංශය
| අංකය | සේවාව | උපරිම කාලය | අවශ්‍ය ලියකියවිලි | අදාළ නීතිමය ප්‍රතිපාදන |
| 01 | හැඳුනුම්පත් සඳහා අයදුම්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරීස් වෙත යැවීම (පු.ලු.දෙ.1/7/8) | දින 02 | 1.සම්පූර්ණ කරන ලද අයදුම්පත
2.සෙ.මී.2 1/2x3 ICAO ප්‍රමිතිගත ඡායාරූප 3 3උප්පැන්න සහතිකය 4උප්පැන්න සහතිකය නොමැතිනම් හිස් ප්‍රතිඵල ලේඛනය හා එහි ඡායා පිටපතක් එසේ නොමැති නම් ශිෂ්‍ය කාර්ය දර්ශකය 5.අවු.16 ට වැඩි නම් රු.15.00 ක මුද්දර 6.නැතිවූ හැඳුනුම්පතක් නම් පොලිස් පැමිණිලි පිටපතක්. 7.පැරණි අංකය භාවිතා කළ බවට ලිඛිත සාක්ෂි.( රියදුරු බලපත්‍ර/ගමන් බලපත්‍ර/ගිණුම් පොත් පිටපත්) 8.රැකියාව සනාථ කිරීම සඳහා සේවාි සහතිකය 9.ලියාපදිංචි කිරීම සඳහා රු.45 ක මුද්දර ඇල වූ ලියුම් කවරයක් |
1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත |
| 02 | මහජනාධාර අනුමත කිරීම | සති 02 | 1.ඉල්ලීම් ලිපිය 2.සසේ/මඅ/1හා11 ආකෘති |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 03 | රෝගාධාර අනුමත කිරීම | සති 02 | 1.ඉල්ලීම් ලිපිය
2.වෛද්‍ය වාර්තාව 3.එස්/එස්/පීබී/3 |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 04 | වැඩිහිටි දිමනා | සති 02 | 1.ඉල්ලීම් ලිපිය 2.NSE/DEV/EMA/FO-001 ආකෘති පත්‍රය |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 05 | වකුගඩු දීමනා | සති 02 | 1.වෛද්‍ය වාර්තාව
2.අදාළ ආකෘති පත්‍රය |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 06 | ආබාධිත දීමනා | සති 02 | 1.වෛද්‍ය වාර්තාව 2.අදාළ ආකෘති පත්‍රය |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 07 | පෝෂණ වවුචර්පත් නිකුත් කිරීම | සති 02 |
1.අදාළ ඉල්ලුම් පත්‍රය 2.ගර්භනී සටහන්පත |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
| 08 | ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම |
1.ඉල්ලීම් ලිපිය 2,.අදාළ ඉල්ලුම් පත්‍රය 3.සමිති ව්‍යවස්ථාව 4.මුල් රැස්වීම් වාර්තාව 5.ගිණුම් ශේෂ වාර්තාව 6.නිලධාරි මණ්ඩලය 7.සමිතියේ කළ වැඩ හා ඉදිරි වැඩ සටහන් 8.සමිතිය සතු වත්කම් 9.අවසාන සාංවත්සරික වාර්තා |
කලින් කලට නිකුත් කරනු ලබන චක්‍රලේඛ |
සැලසුම් අංශය
| අංකය | සේවාව | උපරිම කාලය | අවශ්‍ය ලියකියවිලි | අදාළ නීතිමය ප්‍රතිපාදන |
| 01 | ප්‍රදේශයේ භෞතික තොරතුරු ලබා දීම | විනාඩි 05 | ඉල්ලීම් ලිපිය | ප්‍රාදේශීය මට්ටමින් පවතින නීතිමය ප්‍රතිපාදන |
| 02 | සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම හා ප්‍රදේශයේ පවතින ගැටළු සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය |
ගැටළු ඉදිරිපත් කිරීම විෂයට අදාළ ආයතන හරහා විය යුතුය |
ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ප්‍රසම්පාදන අත්පොත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ප්‍රසම්පාදන අත්පොත |
|
| 03 |
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම (ඉදිකිරීම්)
|
ගිවිසුම් කාලය මාස 03- 06 දක්වා ගිවිසුම් කාලය මාස 03- 06 දක්වා |
*ICTAD ලියා පදිංචි සහතිකය මූල්‍යමය හැකියාව *රජයේ ලියාපදිංචි සමිතියක් වීම මූල්‍යමය හැකියාව *කොන්ත්‍රාත් කර්මාන්තය පිහිටි ග්‍රාම නිලධාරි වසමේ සමිතියක් වීම |
ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව ප්‍රසම්පාදන අත්පොත |
| 04 | කොන්ත්‍රාත් බිල්පත් පියවීම | සති 01 | කොන්ත්‍රාත් ගිවිසුමේ සහ ඊට අදාළ ඇස්තමේන්තුවේ සඳහන් කොන්දේසි සහ ප්‍රමිතීන්ට අනුව කර්මාන්තය නිම කර තිබීම | ප්‍රසම්පාදන අත්පොත |
| 05 | රඳවා ගැනීම් නිදහස් කිරිම | සති 01 |
*මාස 03 ක් , කාලය ඉකුත් වී තිබීම *මාස 03 ක නඩත්තු කාලය තුළ කර්මාන්තයේ ඉදිකිරීම් සතුටුදායක තත්ත්වයේ පැවතීම |
ප්‍රසම්පාදන අත්පොත |
| 06 | භාණ්ඩ ලබා දීම හා ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම | සති 02-04 |
*සමිතියක් නම් රජයේ ලියාපදිංචි සමිතියක් වීම *පුද්ගලයෙක්නම් එම කර්මාන්තයේ නියුතු බවට හෝ කර්මාන්තයේ යෙදිමට හැකියාව ඇති බවට අදාළ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිර්දේශය |
අදාළ බල ප්‍රදේශයේ වීම |
| 07 | පාරිසරික තත්ත්වයන් පිළිබඳ ඇතිවන ගැටළු නිරාකරණය කිරිම හා අදාළ ආයතන සම්බන්ධීකරණය | සති 02 | ප්‍රදේශයට අදාළ ගැටළු |
අදාළ බල ප්‍රදේශයේ වීම. ප්‍රසම්පාදනය |
| 08 |
කෘෂිකර්ම සංවර්ධනය
|
සති02- 04 සති 01-02 |
අදාළ බල ප්‍ර දේශයේ ලියාපදිංචි ගොවි සංවිධානයක් විම. අදාළ බල ප්‍රදේශයේ වීම |
අදාළ බල ප්‍රදේශයේ වීම. ප්‍රසම්පාදනය |
| 09 | ඇස්තමේන්තු සකස් කිරීම | දින 03-07 | අදාළ බල ප්‍රදේශයේ සිදුවන ඉදිකිරීමක් වීම | දිස්ත්‍රික් මිල නියම කිරීමේ කමිටු තීරණ |















