අපේ දැක්ම
මාතලේ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම සේවා සපයන්නන් අතර ප්රමුඛ රාජ්‍ය ආයතනය බවට පත්වීම.අපේ මෙහෙවර
මනා සැලැස්මකින් යුතුව කොට්ඨාසය හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි තිරසාර සංවර්ධනයක් උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකුලව සම්පත් සහ ආයතන ඵලදායි සම්බන්දීකරණය තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව,ක්‍රමවත්ව හා මිත්‍රශීලිව ඉටු කිරිම.අපගේ අගයන්
- නවීණ තාක්ෂණය භාවිතයට ඇති නිපුණතාවය
- විනිවිදභාවය
- උපරිම පාරිභෝගික තෘප්තිය ඇතිවන අයුරින් සේවාලාභී සත්කාරය සිදු කිරිම.
- පරිසර හිතකාමිව කටයුතු කිරිම තුළින් ආයතනයේ කාර්යය සාධනය වැඩි දියුණු කිරිම.
- එකමුතුබව
- කණ්ඩායම් වැඩ
- කාර්යක්ෂම බව
- වගකිම
- සමානාත්මතාව
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
හැදින්විම
ගලේවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය 1992 වසරේ පරිපාලනය විමධ්‍යගත කිරීමේ රාජ්‍ය ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ස්ථාපිත වූවකි. ප්‍රදේශයේ මහජනතාවගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් සේවා සැපයීමක් සඳහා මහත් පරිශ්‍රමයක් මෙම කාර්යාලය විසින් දරනු ලබයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/92 යටතේ රේඛීය අමාත්‍යාංශ කටයුතු 1992 අංක 58 දරණ දිසාපතිවරුන් සතු බලතලද, මධ්‍යම පලාත් සභාවේ කාර්යයන් ඉටු කිරීමේ වගකීම්ද දරමින් ඒ සඳහා දායක වෙයි.
පළාත් පාලන ඉතිහාසය
මෙම පළාත් පාලන ඒකකය ආරම්භයේදී ගම් සභාව යන නමින් මධ්‍යම රජය යටතේ පාලනය විය. එමගින් ජනතාවට යුගයේ අවශ්‍යතාවයට සරිලන පරිදි සේවාවන් සපයන ලදී. ඉන් අනතුරුව 1981 දී මහනගර සභා හැර ගම් සභා සහ සුළු නගර සභා දිස්ත්‍රික් සංවර්ධන සභා යටතට පවරා ගන්නා ලදී. 1987.12.31 වනතුරුම ගම් සභා දිස්ත්‍රික් සංවර්ධන සභා යටතේ පාලනය විය. ඒ අනුව ගලේවෙල සුළු නගර සභාව කුඩා වැව, කන්ද පල්ල කෝරළයේ ගම් සභාව හා වහකෝට්ටේ උඩුගොඩ පල්ලේසිය පත්තුව ගම් සභාව ඒකරාශී කොට ග්‍රාම නිලධාරි වසම් 59 ක් නියෝජනය වන පරිදි 1987 අංක 15 දරණ පනත අනුව 1988.01.01 ගලේවෙල ප්‍රාදේශීය සභාව ස්ථාපනය කරන ලදී.
ස්වභාවික පිහිටීම
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රීක්කයේ වයඹ කෙළවරට වන්නට ගලේවෙල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. එහි විශාලත්වය වර්ග කිලෝමීටර 192.4 ක් වන අතර, පහත පරිදි එහි සතර දිශා මායිම් දැක්විය හැකිය.මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රීක්කයේ වයඹ කෙළවරට වන්නට ගලේවෙල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. එහි විශාලත්වය වර්ග කිලෝමීටර 192.4 ක් වන අතර, පහත පරිදි එහි සතර දිශා මායිම් දැක්විය හැකිය.උතුරට - අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයනැගෙනහිරට - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයදකුණට - පල්ලෙපොල හා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශබටහිර - කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ඉබ්බාගමුව පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද මායිම් වේ.මෙම භූමි ප්‍රදේශය ගම්මාන 157 කින් සමන්විත වන අතර, ග්‍රාම නිලධාරි වසම් 59 කින් යුක්ත මෙහි සාමාන්‍ය පරිපාලන කටයුතු සඳහා ගොවි ජන කේන්ද්‍ර 03 ක් ද පළාත් පාලන ආයතන 01 ක් ද පොලිස් ස්ථාන 01 ක්ද ස්ථාපිතව ඇත.
සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
|
නම |
තනතුර | කාල සීමාව |
|
නියුලන් ද සොයිසා මහතා |
ප්‍රාදේශීය උප දිසාපති | |
|
යූ.පී. දිසානායක මහතා |
ප්‍රාදේශීය උප දිසාපති | 1976-1978 |
|
ඩී.ඒ. එදිරිසුරිය මහතා |
ප්‍රාදේශීය උප දිසාපති | 1978-1980 |
|
ජේ. මණ්ඩාවල මහතා |
සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1980-1984 |
|
ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා |
සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1985-1987 |
|
ආර්.ඒ. විජේතිලක මහතා |
සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1987-1991 |
|
එස්.බී. අඹගස්පිටිය මහතා |
ප්‍රාදේශීය ලේකම් | 1991-1992 |
|
ඒ.එම්.එස්.බී. අධිකාරී මහතා |
ප්‍රාදේශීය ලේකම් | 1992 |
|
බී.එම්.පී. සුගතදාස මහතා |
ප්‍රාදේශීය ලේකම් | 1993 |
|
ටී.බී. අතාවුද මහතා |
ප්‍රාදේශීය ලේකම් | 1993-1998 |
|
පී. සිරිවර්ධන මිය |
ප්‍රාදේශීය ලේකම් | 1999 |
|
ආර්.එම්.ආර්.එම්. රත්නායක මිය |
ප්‍රාදේශීය ලේකම් | 1999-2006 |
|
ඩබ්.එම්.ඩබ්. වන්නිනායක මහතා |
ප්‍රාදේශීය ලේකම් | 2006-2010 |
|
එච්.පී.පී.ඒ. හේවාපතිරණ මෙනවිය |
ප්‍රාදේශීය ලේකම් | 2010 |
|
බී.ඒ. සුමනදාස මහතා |
ප්‍රාදේශීය ලේකම් | 2011-2012 |
|
ඒ.එම්.කේ.සී.කේ. අතපත්තු මිය |
ප්‍රාදේශීය ලේකම් | 2012-2015 |
|
එම්.යූ. නිශාන්ත මහතා |
ප්‍රාදේශීය ලේකම් | 2015-2021 |
|
එම්.කේ.පී. ආරියරත්න මහතා |
ප්‍රාදේශීය ලේකම් | 2021- 2023 |
|
පියල් ජයසුරිය මහතා |
ප්‍රාදේශීය ලේකම් (වැඩ බලන) | 2023 - 2024 |
|
එස් .විජයකුමාර් මහතා |
ප්‍රාදේශීය ලේකම් (වැඩ බලන) | 2024 - 2025 |















